Thursday, August 23, 2018

ශිෂ්‍යත්ව කඩයිම


                        


                             අති ධාවනකාරී අධ්‍යාපන ක්‍රමය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්තරා ආකාරයක අර්බුදයක් ලෙස මා දකියි. විවිධාකාර සිතුම් පැතුම් වලින් යුක්ත කුඩා දරුවන්ගේ මනසට ආතතියක් ඇති කරන පීඩාකාරී විභාගයක් ලෙස සදහන් කළ හැක. විද්වතුන් විසින් මේ සදහා විවිධ අදහස් ඉදිරිපත් කරත් දෙමාපියන් මෙම තරගයෙන් ඉවත්වනුයේ නැත. ශිෂ්‍යත්ව විභාගය සදහා " මව් වරුන්ගේ විභාගය " යන නම ලැබී ඇත්තේද එබැවිනි.

                            පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පළමු වසරේ සිට දරුවන් උපකාරක පති සදහා යොමු කිරීමට දෙමාපියන් කටයුතු කරයි. තමන්ටත් වඩා විශාල වූ පොත් බෑගයක් කරේ දමා බස් රථ වලට ගොඩ වන කුඩා දරුවන් දකිනා විට හිතට දැනෙනේ මහත් වූ සංවේගයකි. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයේ තරගකාරීත්වය තම දරුවන් සදහා ජනප්‍රිය සාසල් , ජාතික පාසල් ලබා ගැනීම සදහා දෙමාපියන් මෙලෙස දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවීමට කටයුතු කරයි. ළමා මනසෙහි නිඩහස අහිමි කොට තරගකාරීත්වය වෙත ඔවුන් ඇද දැමිමේ ප්‍රතිවිපාක වශයෙන් මානව දයාව වියැකී ගිය පරපුරක් නිර්මාණය වනු ඇත.

                              සොබාදහම හා මුසු වී නිර්මාණය වන දරුවන් සොබාදහමේ ඇති ගස් වැල් , මල් , සමනලුන් , කුරුල්ලන් , දිය දහරා පිළිබද අධ්‍යනය කර නිදහස් මනසින් යුතුව ජීවත් වීමට කැමතිය. නමුත් තරගකාරී අධ්‍යපනය හමුවේ තම අම්මා , තාත්තා , ආච්චී , සීයා අසලවත් ගැවසීමට හෝ ඔවුන්ගේ අත්දැකීම් දැන ගැනීමටවත් ඔවුන්ට විවේකයක් නොමැත.

                              දරුවන් වනාහි වැඩිහිටියන් නොවයි. ඔවුන්ට විවේකය හා නිදහස අවශ්‍යයි. ලංකාවේ තිබෙන උසස් අධ්‍යාපන ආයතනවල , උසස රැකියාවල නිරත වන්නාවූ සියලුදෙනා ශිෂ්‍යත්වය සමත් වූ අයද ? ඇත්තෙන්ම එසේ නොවෙයි. ශිෂ්‍යත්වය කියන්නේ තවත් එක් විභාගයක් පමණි. ළමා මනස පීඩාවට පත් කරමින් ඔවුන් සිරකර තැබිම ඇත්තෙන්ම යුක්තිසහගත නොවෙයි.










තාරුණ්‍යයේ සෙල්ෆි උන්මාදය


                                      



                                    සෙල්ෆි කියන්නේ තරුණ ජෙනරේෂන් එක නොදන්න දෙයක්නම් නෙමෙයි. තැනක් නොතැනක් නැතුව සෙල්ෆි ගැනීම දැන් සාමාන්‍ය සිරිතක් බවට පත්වෙලා තියෙනවා. සන්සලේ , පල්ලියේ , කෝවිලේ , ට්‍රිප් එකේ , හෝටලේ , බාතෲම් එකේ වගේම මළගෙදර , දානේ ගෙදර , සෙල්ෆි ගහන සෙට් අපි ඕනිතරම් හමුවෙලා තියෙනවා. මා මෙ පිළිබදව මෙලෙස දිගහැරුමක් කරන්නෙමු.

                               තැනක් නොතැනක් නැතුව තරුණ්‍ය විසින් තම ස්මාර්ට් ජගම දුරකථනයෙන් ලබා ගන්නා සෙල්ෆිය ෆේස්බුක් දමා ඊට ලයික් හා කමෙන්ස් ලැබිමෙන් අපමණ සතුටක් ලබයි. වර්තමානයේදී මේ සෙල්ෆි කියන්නේ තරුණ ජීවිත වලට අවදානමක් මෙන්ම ජීවිත පවා නැතිවන මාරයෙකි.මෙය ලකාවට පමණක් පොදු වූවක් නොව. ලකාව ඇතුලුව ලෝකයේ බොහෝ රටවල අවදානම් ස්ථාන වල සෙල්ෆි ගැනීමට ගොස් බොහෝ තරුණ තරුණියන් ජීවිතක්ෂයට පත්වී ඇත. පර්වත , කදුමුදුන් වල , බෑවුම් වල , දියඇලි අසල  ආදී අවදානම් ස්ථාන වල සෙල්ෆි ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වෙති. මේ නිසා මෙවැනි ස්ථාන වල සෙල්ෆි ගැනීම වර්තමානයේදී තහනම් කර ඇත. එසේම කෙනෙකුට විපතක් වූ අවස්ථාවක මෙන්ම රිය අනතුරක් වූ විටදී වුවත් අනතුර වූ පුද්ගලයාට උපකාර කරනවා වෙනුවට එතන සිට සෙෆියක් ගැනීමට තරම් අද සාමජයේ මිනිසුන් ආත්මාර්ථකාමි වී ඇත.

                             සෙල්ෆි කියන්නේ අද වනවිට තාරුණ්‍ය අතර එක්තරා ආකාරයක උන්මාදයක් වී ඇත. නව සස්කෘතිය , නව තාක්ශණය හා මුසු වී තැනක් නොතැනක් නැතුව ගන්නා සෙල්ෆිය ඕනිම අවදානමක් ඇති ස්ථානයක වුවද ගැනීමට පෙළඹීමට හේතුව කුමක්දැයි යන්න ගැටලුවකි. තාරුණ්‍ය යනු අලුත් විදිහට හිතන්න පුළුවන් පිරිසක්. ඉතින් ජීවිත අවදානමක් අරන් ගන්නා සෙල්ෆිය වෙනුවට රටටත් සමාජයටත් වැඩදායි යමකට යොමු කරනවානම් එය වටිනා වූ ක්‍රියාවකි



සංවර්ධන දේශයක සිහිනය

















                                 ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඇත්තටම මේ කියමන දැන් පරම්පරා ගානක් පුරාවට කතා කරන මර්තෘකාවක්. පොඩ්ඩක් හිතන්න අපේ තාත්තා , සීයා , සීයගේ තාත්තා පරම්පරා ගණනාවක් තුළ පෙළ පොතෙහි සදහන් වන්නේ " ශ්‍රී ලකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් " යන්නයි. ඇත්තෙන්ම මේ කියමන කෙතරම් සර්ව සාධාරණ කියමනක්ද යන්න මොහොතක් මෙනෙහි කලෙමි.

                                අනාදිමත් කාලයක් පුරාවටම ලංකාව සංවර්ධනය වෙමින් පවතින් රටක් වුවද තවමත් සංවර්ධිත රටක් වීමට නොහැකි විය. භෞතික වශයෙන් මෙන්ම අධ්‍යත්මික වශයෙන් ලංකාව දියුණු කිරීමටනම් තව පරම්පරා ගණනාවක් ගතවනු නොඅනුමානය. ජාති , කුළ , ආගම් වශයෙන් බෙදී වෙන් වී ගැටුම් ඇති කර ගැනීම තම , තම නිවසේ කුණු එහා වත්තට දැමිම , වන විනාශයක් පරිසර විනාශයන් ආදී නොමනා ක්‍රියා කලාපයන් තුළින් අපේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට තවත් කාලයක් ගත වන බව පැහැදිලිය.
                               සංවර්ධිත දේශයක සිහිනය සිහිනයක්ම කර හූල්ලන අප අනෙකාට චොදනා කළද මෙයට හේතුව වෙන කාගේවත් වරදක් නොව අපගේම වැරදි බව පිළිගත යුතුය. රට සවර්ධනය කිරීමට පෙර රටේ ජීවත්වන මිනිසුන්ගේ මනස සවර්ධනය මනස සවර්ධනය කළ යුතු වේ. බාහිර ඔපේ තිබු පමණින් සංවර්ධන ඉලක්ක කරා යා නොහැක. ඔළුගෙඩි නැති රොබෝවරුන් පිරිසක් ලෙස නොව මානව දයාව ප්‍රමුඛ උත්තම මනුදම් රෝපිත පිරිසක් බිහි කිරීම හරහා නිකන්ම අපේ රට සංවර්ධිත රටක් වනු ඇත.

Wednesday, August 22, 2018

ළමා මනස වියරු කරන කාටුන්


                       






                       
                           විවේකිව සිටින දිනක මා නිකමට මෙන් රුපවාහිනිය නරඹන්නට සිතිනි. ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කරන කාටුන් රුපවාහිනියෙහි විකාශය විය. ටික වේලාවක් යන විට මට හිතුනේ ඇත්තටම මේ කාටුන් ඉදිරිපත් කරන්නේ රටේ ඉන්න දරුවන් වෙනුවෙන්ද යන්නයි. තරහව , වෛරය , ක්‍රොධය වැනි සිතිවිලි සටන්කාමිත්වය , පලිගැනීම වැනි දේ කුඩා දරුවන්ගේ මනස තුළ නොපවතියි. කාටුන් සවස 3 පමණ සිට 6 දක්වා දිගු කාලයක් විවිධ රුපවාහිනි නාළිකා හරහා විවිධ කාටුන් ඉදිරිපත් කරයි. මේවගේන් ළමා මනසට ලැබෙන්නේ මොන්වාද යන්න ගැටලුවකි.

                         ජාතික රුපවාහිනිය ආරම්භ වූ මුල් සමයේ සිට " ටයිටස් තොටවත්ත " මහතා විසින් ක්‍රියාත්මක කළ හඩකැවිම් මැදිරිය හරහා ඉතා අගනා මෙන්ම විශිෂ්ඨ කාටුන් විශාල ප්‍රමාණයක් ඇත. එම කාටුන් සදහා ආදරය කරන විශාල පිරිසක් සිටියි. දොස්තර හොදහිත , බෲම් , ඉගුරුපාන් මල්ලි , කෝලිකුට්ටු සහෝදරයෝ , වලස් මාමා , පිස්සු පූසා , කූඹිච්චී , සෙල්ලම් ගෙවත්ත , වගේ කාටුන් හරහා ළමා මනස තුළ යහපත් ගතිගුණ , සිරිත් විරිත් පවා ඇති කරන්න සමත් වුනා. ළමා කාලය පසු කර තරුණ , වැඩිහිටිවියට පැමිණි අයකු පවා තම ළමා කාලය තුළ නැරඹු මේ කාටුන් වලට ආදරය කරති.

                               වර්තමානයේදී මාධ්‍ය තරගකාරීත්වය හරහා බටහිර සංස්කෘතිකාග ඇති කාටුන් බොහෝ නාළිකා වල විකාශණය වේ. මේවායෙන් දරුවන්ගේ මනස විකෘර්ති වීම මිස අන් කිසිවක් නොලැබෙනු ඇත. පාසල් ගොස් නිවසට පැමිණි මොහොතේ සිට හෝරා ගණනාවක් මෙම කාටූන් බැලීමට පුරුදු වන දරුවන් තුළ නිතැතින්ම යහපත් සිතිවිලි නොව අයහපත සිතිවිලි ඇති වෙයි. කෙනෙකුගේ දුක හදුනා ගැනීමට , කෙනෙකු දුකේදී පිහිට වීම වගේ ගුණ ධර්මයන්ගෙන් බැහැර වී ළමා මනස වියරු කරන තත්වය අද කාටූන් පත් වී ඇත.

Monday, August 20, 2018

තාරුණ්‍යයේ තරු සිහිනය

                   

                        රටේ ලෝකයේ ජනප්‍රිය තරුවක් වීමට අකමැති කෙනෙකු නැත. එක රත්‍රියකින් තරුවක් වී ජනප්‍රියත්වයට පත් වීම වර්තමාන තාරුණ්‍යයේ රැල්ලක් බවට අද වනවිට පත්වී ඇත. තමන්ට ඇති දක්ශතාවය කුමක් වුවත් එය ප්‍රදර්ශණය කරමින් ජනප්‍රිය පුද්ගලයකු වීමට සිහින දකින තාරුණ්‍ය පිළිබද අප කණට ඇසෙන කතා නිමක් නැත. සියලු සිහින පසෙකලා එක රැයකින් තරුවක් වීම සදහා ලක්ෂ සඛ්‍යත තරුණ තරුණියන් සටන් වදිති. අද වන විට බොහෝමයක් මාධ්‍ය නාළිකාවල තම නාළිකාවෙහි ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය වැඩි කිරීම අරමුණු කර ගනිමින් මෙම තරු වැඩසටහන් බිහි කරයි. මේ හරහා දිනන්නේ දක්ෂයාද යන්න ගැටලු සහගතය. මක්නිසාදයත් මෙහි දක්ෂයා තෝරන්නේ  මනාප මතයි. ඉදිරිපස විනිසුරු මඩුල්ලක් සිටියද ජනතා මනාපය තුළින් දක්ෂයා තේරිම හරහා ඇත්තෙන්ම දක්ශයාට නිසි තැන ලැබෙනවාද යන්න ගැටලුවකි.
                                 
                                    සෑම රූපවාහිනි නාළිකාවක්ම පාහේ වාණිජ අරමුණු මුදුන්පත් කර ගනිමින් මෙම තරු වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එක් රූපවාහිනි නාළිකාවක් විසි ආරම්භ කල මෙම තරු වැඩසටහන් අද වනවිට බෝවන රෝගයක් මෙන් පැතිරී ඇත. ජනතා SMS මනාපය ඇයට හෝ ඔහුට ලැබෙන්නේ බාහිර රූපයට මිස සැබෑ දක්ෂතාවයට නොවේ. එම නිසා මා දකින්නේ මෙම තරු වැඩසටහන් යනු හුදෙක් මායාවක් පමණි. Session One Session two ..... ආදී ලෙස කෙළවරක් නොමැතිව වර්ෂයෙන් වර්ෂයට තරු බිහිකිරීම හරහා මුලින්ම බිහි වූ තරු පසුවට එම නාළිකාවට පවා අමතක වනු ඇත.
                                    
                                     තරු වැඩසටහන් හරහා බිහිවන ගායක ගායිකාවන්ගේ බාහිර රූපය , ඔවුන්ගේ හැසිරීම් රටා වර්තමාන තරුණ පරපුර අනුකරණය කරනු දැකගත හැකි වෙයි. සිහින තුළ මුලා වූ පරිකල්පණය මොට වූ හිස් අදහස් ඇති තරුණ පරපුරක් බිහි වීම හේතු වන්නේ මෙම තරු සිහින වැඩසටහන් හරහා බව මගේ අදහසයි.



ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.

  ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.                                                   ...