අති ධාවනකාරී අධ්‍යාපන
ක්‍රමය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්තරා ආකාරයක අර්බුදයක් ලෙස මා දකියි.
විවිධාකාර සිතුම් පැතුම් වලින් යුක්ත කුඩා දරුවන්ගේ මනසට ආතතියක් ඇති කරන පීඩාකාරී
විභාගයක් ලෙස සදහන් කළ හැක. විද්වතුන් විසින් මේ සදහා විවිධ අදහස් ඉදිරිපත් කරත්
දෙමාපියන් මෙම තරගයෙන් ඉවත්වනුයේ නැත. ශිෂ්‍යත්ව විභාගය සදහා " මව් වරුන්ගේ
විභාගය " යන නම ලැබී ඇත්තේද එබැවිනි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව
විභාගය සදහා පළමු වසරේ සිට දරුවන් උපකාරක පති සදහා යොමු කිරීමට දෙමාපියන් කටයුතු
කරයි. තමන්ටත් වඩා විශාල වූ පොත් බෑගයක් කරේ දමා බස් රථ වලට ගොඩ වන කුඩා දරුවන්
දකිනා විට හිතට දැනෙනේ මහත් වූ සංවේගයකි. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයේ තරගකාරීත්වය
තම දරුවන් සදහා ජනප්‍රිය සාසල් ,
ජාතික පාසල්
ලබා ගැනීම සදහා දෙමාපියන් මෙලෙස දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවීමට කටයුතු
කරයි. ළමා මනසෙහි නිඩහස අහිමි කොට තරගකාරීත්වය වෙත ඔවුන් ඇද දැමිමේ ප්‍රතිවිපාක
වශයෙන් මානව දයාව වියැකී ගිය පරපුරක් නිර්මාණය වනු ඇත.
සොබාදහම හා මුසු
වී නිර්මාණය වන දරුවන් සොබාදහමේ ඇති ගස් වැල් , මල් , සමනලුන් , කුරුල්ලන් , දිය දහරා පිළිබද අධ්‍යනය කර නිදහස් මනසින්
යුතුව ජීවත් වීමට කැමතිය. නමුත් තරගකාරී අධ්‍යපනය හමුවේ තම අම්මා , තාත්තා , ආච්චී , සීයා අසලවත් ගැවසීමට
හෝ ඔවුන්ගේ අත්දැකීම් දැන ගැනීමටවත් ඔවුන්ට විවේකයක් නොමැත.
දරුවන් වනාහි වැඩිහිටියන්
නොවයි. ඔවුන්ට විවේකය හා නිදහස අවශ්‍යයි. ලංකාවේ තිබෙන උසස් අධ්‍යාපන ආයතනවල ,
උසස රැකියාවල නිරත
වන්නාවූ සියලුදෙනා ශිෂ්‍යත්වය සමත් වූ අයද ? ඇත්තෙන්ම එසේ නොවෙයි. ශිෂ්‍යත්වය කියන්නේ
තවත් එක් විභාගයක් පමණි. ළමා මනස පීඩාවට පත් කරමින් ඔවුන් සිරකර තැබිම ඇත්තෙන්ම
යුක්තිසහගත නොවෙයි.




