ඊවා ලූන හා කොළරා කාලේ ආලේ
නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.
පළමුව ගර්ෂියා මාර්කේස් විසින් රචනා කරන ලද කොළරා කාලේ ආලේ
නවකතාව තුළ ඇතුලත්ව ඇති මායා යථාර්තවාදය ගොඩනගා ඇති ආකාරය විමසා බලමු. 1982 වසරේදී නොබෙල් ත්‍යාගයෙන්
පිදුම් ලැබු මාර්කේස් අද්‍යතන ප්‍රබන්ධ කතා කලාව විෂයෙහි අද්විතීය නමක් තැබීමට
සමත් වූ ඔහු විසින් රචනා කළ විශිෂඨතම නවකතාවක් ලෙසින් කොළරා කාලේ ආලේ නම් වූ
නවකතාව සදහන් කළ හැකි වේ. ගර්ෂියා විසින් රචිත මෙම නවකතාව ඔහුගේ සැබෑ ජීවිතය ජීවිත
කතාන්දරයට වඩාත් සමීප වේ. ඔහුගේ ළමා ජීවිතයේ ප්‍රබල ලෙසට බලපෑ පුද්ගලයන් දෙදෙනෙකු
ලෙස ඔහුගේ ආච්චි අම්මා සහ සීය සදහන් කළ හැක.
මිත්‍ය
විශ්වාස සxකලප සමග මුසු වූ
මනා පරිකල්පන ශක්තියකට හිමිකම්පෑ ඔහුගේ ආච්චි අම්මා ඇග ලොමුදැහැ ගන්නා ගැන්වෙන කතා
කීමේ හපනියක් වූහ. මාර්කේස්ගේ " ඉන්ද්‍රජාලික යථාර්තවාදී " නැඹුරුව එන්නේ මේ ආච්චි අම්මාගේ මුල්
කාලීන ආභාෂය හරහා යැයි ඔහු කියා ඇත.
" අපරාධයක් සිද්ධවෙලා තියෙනවා නx මේක හොද
හෝඩුවාවක්. උර්බිනෝ තමාටම කියා ගත්තේය. මේ ශුර උගුල අටවන්න පුළුවන් මිනිහෙක් මx දන්නේ
එක්කෙනයි. "
පළමුව නවකතාවේ මුල
සිටම දොස්තර උර්බිනෝගේ චරිත ස්වභාවය වයවෘද්ධ භාවය , කෑම බීම , රෝග තත්වයන් පිළිබදව කතුවරයා සදහන් කර ඇත.
මෙය හරහා ඉහත දැක්වූ උපුටනය තුළ සත්‍ය හා අසත්‍ය අතර පවතින මනකල්පිතක් ලෙසින්
නවකතාව පිළිබදව කුතුහලය ඇති කරවීම සදහා මායාමය ස්වරූපයකින් නවකතාවෙහි ආරම්භය
මාර්කේස් විසින් ගොඩනගා ඇත.
" ඊට බොහෝ කලකට පෙර හයිකි රටේ ජන ශුන්‍ය
මුහුදු වෙරළක සැතපී ලිගිකාලය පෑමෙන් පසු දෙදෙනා නිරුවත්ව සිටි එක මොහොතක හෙරමියා
දෙසෙත්තමුර් සුසුමක් පහලට හෙළ ඇයට මෙසේ කියා තිබුණා
ම කවදාවත්
නාකි වෙන්නේ නෑ
මෙය වූ කලි
කාලයේ රුදුරු ව්‍යසනයන්ට එරෙහිව නිර්දන අරගලයක් සදහා ගත් වික්‍රමාන්විත අදිටනකැයි
එදා ඈ සිතුවා "
පුද්ගලයාගේ සිට
නිශ්චිත ජන කණ්ඩායමක් හරහා මනුෂ්‍ය වර්ගයාගේ ආධ්‍යත්මය , ජීවිතය කෙරේ හෙළන බැල්මක් ලෙසින් මායා
යථාර්තවාදය හැදින්විය හැකිය. පුද්ගල මනස තුළ ක්‍රියාත්මක වන සිතිවිලි මායාව සමග
මුසු කර පාඨක ආකර්ශණයට ලක් කළ හැකි පරිදි ඉදිරිපත් කිරීමට මාර්කේස් ගත් උත්සහය
සාර්ථක යැයි කිව හැකි වෙයි. ඉහත උපුටනය තුළ සදහන් කර ඇත්තේ " රුදුරු ව්‍යසනයන්ට
එරෙහිව නිර්දන අරගලය්ක් '
ලෙසයි.
" කෙසේ වෙතත් ඉන් ඇය තුටු පහටු වූවාය. මන්දයත්
සිය මිය ගිය පෙම්වතා සමරන්නට ඇය වඩාත් ප්‍රිය කළේය. ඔහුට පෙරදා රෑ ඉල්ලා සිටි
ආකාරයට බැවිනි. ඒ වනවිටත් ලියන්නට පටන්ගෙන තිබු ලිපිය අතරමග නතර කළ ඔහු අවසාන
වරටත් ඇය දෙස මොහොතකට බලා තිබුණේය. "
" රෝස මලෙන් මාව
සිහිපත් කරන්නයි එහිදී ඔහු ඇයට කියා තිබුණි. "
දොස්තර උර්බිනෝගේ බිරිද ෆ්‍රමිනා දාසා මියගිය පෙම්වතා
සිහි කිරීම මනෝමය සිතිවිල්ලක් නවකතාව තුළ මායාමය යථාර්තවාදී ලෙසින් මාර්කේස්
විසින් ගොඩනගා ඇත. එහිදී ෆර්මීය දාසා තම පෙම්වතා සමග කතා කරන අයුරු , හැසිරීම් රටාවන්
පිළිබදව මායාමය ලෙස ගොඩනගා ඇති ආකාරය මෙය පිළිබදව සොයා යාමේදී පැහැදිලි වේ. එසේම
මෙහි " රෝස මලකින් මාව සිහිපත් කරන්න " යනුවෙන් සxකේත භාවිත කර
වඩාත් සාර්ථතක වූ සිහිනමය යථාර්තයක් ගොඩනගා කතුවරයා සමත්ව ඇති බව පසක් වේ.
" ........ එතැන් සිට
ඔවුන් කළේ තිත්ත කොට්ටම්බා සුවදින් ඇගවුණු දෙයට පටහැනි යමක් අද්ද සෙවීමට ඇති
සාක්ශි සොයා බැලීමයි. එහෙත් අවසාන නොකළ තරගය හැදැරීමට දොස්තර ගත් ක්ළ විනාඩි
කිහිපය තුළ දොස්තරගේ නමට ලියු ලියුම් කවරයක් මේසය මත තිබු කඩදාසිය ...... "
මායාමය වෘතාන්ත වටා ගෙතුණු දොස්තර උර්බිනෝ හා ෆර්මිනා
දාසා ඇතුළු සෙසු චරිත තුළත් පුද්ගලයාගේ සිට නිශ්චිත ජන කණ්ඩායමක් හරහා මනුෂ්‍ය
වර්ගයාගේ ආධ්‍යත්මික ජීවිතය කෙරෙහි හෙළන මෙතුළ දැක ගත හැකි වේ. යථාර්තය
සිහිනමයබවකින් යුතුව ඉදිරිපත් කර ඇත.
“රෑ කළ බිය ගෙනා ගිනි
ගන්නා කර්කෂ නුවර, සිය යෞවනයට එළඹීමට හුදෙකලා සතුට ජනිත කළ ඒ නුවර, තවමත් එළෙසම විය. දුගද
හමන මඩ වගුරු සහ මැලවී යන ලෝරල් අතුපතර අතර හෙමිහිට වයසට යාම හැරුණු කොට පසුගිය
සියවස් හතරක කාලය තිස්සේ ඒ නුවර කිසිම වෙනස්ව තිබුනේ නැත.”
යම් කිසි දෙයක් සිදුවීමක් හැගවීමේදී භාවිත කර ඇති භාෂාව
තුළද මාර්කේස් විසින් ඉදිරිපත් කර ඇත. ඉන්ද්‍රජාලික යථාර්තවාදී නවකතාවන්ට බලපෑමක්
ඇති වන ආකාරයේ සමාජ සිදුවීමක් අතිශයෝක්තියකින් යුතුව ඉදිරිපත් කරන අයුරු අපට හදුනා
ගත හැකි වේ. මෙය හරහා මුළුමහත් විශ්වයටම පොදු වූ යථාර්තවාදීය සදාතනික ප්‍රපචයක්
නොවන බව ගම්‍ය වේ.
" ........ කලකදී ගොඩ
කැස්බෑවකු හැරුණුකල මේ නිවසේ වෙනත් කිසි සතෙකුට විසීමේ වරම් නොවීය. වූ ද හිටි
අඩියේ අවුරුදු තුන හතර නොපෙනි යයි. අවසානයේ සදහටම ඌ නැති වී යයි. සියල්ලන් සිතන
මොහොතක මුළුතැන්ගේ පැත්තෙන් ඌ හදිසියේ මතු වෙයි. කෙසේ වුවත් වූ සැලකුවේ පදිxචි ස්ථානයක්
නොදන්නා ඛණිජ වස්තු වශයෙන් මිස , ගෘහ සතෙකු වශයෙන් නොවේ
මනxකල්පිත සිදුවීම්
දාමයක් හට ජීවය දී අසාමාන්‍ය සිදුවීම් සාමාන්‍ය පරිදී ගෙන ඒමට මාර්කේස් දක්වන
දක්ශතාවය ඉහත උපුටනය තුළින් පැහැදිලි වේ. කළකදී සිටි ගොඩකැස්බැවා නැති වී ගොස්
නැවත මතු වීම පිළිබද මායාමය යථාර්තවාදයෙන් යුතුව ඉදිරිපත් කර ඇත.
"
...... මේ බැල්ලියගේ
චරියාව ඇගේ නමට කෙතෙක් අනුකූල වීද යත්, බලු කුක්කන් නව දෙනෙකු වදා අවසන් කරන්නට පෙර
තව බලු කුක්කන් දහ දෙනෙකු ගැබ්බර වීමට තරම් අද ශුර බැල්ලියක වූවාය. මීට අමතරව
රාජාලී මුහුණුවර හා මිසර රාජකීයන්ගේ ඇවතුම් ඇති බළලුන් එහි වූවය. "
සාමාන්‍ය සත්ව චර්යාවන් පිළිබදව මායාමය හෙවත්සිහිනමය
ආකාරයකින් පාඨක ආකර්ශණය ඇති වන ආකාරයෙන් කතුවරයා ඉහත උපුටනය හරහා ඉදිරිපත් කර ඇත.
සාමුහික භාව විරේචනය හා පුද්ගල භාව විරේචනය අතර වන අන්‍යනොය බවක්ද ඉහත උපුටනය
හරහා පැහැදිලි වේ.
" පටන් ලෙස මහා වරුසාව
නතර වුනේද හදිසියේමය. වලාකුළු නැති අහසේ හිරු බබළන්නේය. එහෙත් කුණාටුව කෙතෙක් චන්ඩ
වීද යත් ගස් කීපයක් ඉදිරී ගොස් තිබුණු අතර මිදුල මඩ ගොහුරුවට හැරී තිබුණි. "
විශාල වර්ෂාපතනයක්
එකවර නතර වීම , වර්ෂාව නතර වූ
විගස අහසේ හිරු බැබළීම හා වලාකුළු නොමැති පැහැදිලි අහසක් ඇතිඋවීම තද කුණාටු
පැමිණීම ආදී වූ විය නොහැකි සිහිනමය සිදුවීම් වඩාත් අපුර්විතව හා යථාර්තවාදී ලෙසින්
මෙයට සජීවී ලෙස කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය ඉහත උපුටනය තුළින් ගම්‍ය වේ.
ඉදිරිපිට දක්නට නොමැති
දේ හෝ තවමත් සිදු නොවූ යම් දෙයක් විස්තර කිරීමට මානව භාෂාවේ යොදා ඇති ඉන්ද්‍රජාලික
යථාර්තවාදය හරහා සිදු කරන්නා වූ ආකාරය පිළිබදව විග්‍රහ කිරීමේදී එය ගබ්‍රියෙල්
ගර්ෂියා මාර්කේස් විසින් රචිත කොළරා කාලේ ආලේ නවකතාව හරහා විස්තර කළ හැකි ආකාරය
මනාව පැහැදිලි වේ.
පුද්ගල අධ්‍යත්මයේ
සxකේන්ද්‍රනය වන සමාජ ,
දේශපාලන , සස්කෘතික හා මානව විද්‍යාත්මක
චලනයන් හා එම සමාජ දේශපාලන සxස්කෘතික තලයන්හී සxකේන්ද්‍රනය වන පුද්ගල
අධ්‍යාත්මික චලනයන් මානව යථාර්තවාදය හරහා පිළිඹිබු වේ. මෙවැනි සිහිනමය යථාර්තය මත
ගොඩනැගුණු නවක්තාවක් ලෙසින් ඉසබෙල් අයියන්දේ ඊවා ලූනා නවකතාව තුළ ද නිර්මාණය කර
ඇත.
මෙම නවකතාවෙහි පළමු
නවකතාව ගොඩනැගෙන ප්‍රධාන චරිතය වන ඊවා සහ ඔහුගේ ජීවන පරිසරය පිළිබදව හැදින්වීමක්
සිදු කරයි. ආඛ්‍යාන රීතියේ හා සම්මත නවකතා නීතියට පිටින් තම ස්වාදීන මගක් හරහා
ඉසබෙල් විසින් මායා යථාර්තවාද හෙවත් ඉන්ද්‍රජාලික යථාර්තවාදය නම් සාහිත්‍ය රීතිය
හරහා ඊවා ලූනා නවකතාව රචනා කර ඇත.
" ......... තල්මසෙකු විසින් වමනය කළ මින්නවිදකයකු සේ
නෞකාගාරයේ කුඩා පාලමක බඩගාමින් සිටියදීය. අසුචී හා මඩෙන් නැහැවී සිටි ඇගේ ඇගේ නූල්
පොටකුත් නොවීය. නහවා පිරිසිදු කොට ගත් කළ තමන්ට හමුව ඇත්තේ කෙල්ලෙක් බව ...."
ඊවා ලූන නවකතාව ආරම්භය තුළ ඊවා ඔහුගේ මව කතොලික ධර්මය හා
ලැදි වූ ආකාරය හා කතොලික පූජකයන් වෙත තම මව හමු වූ ආකාරය පිළිබදව ඉන්ද්‍රජාලික
යථාර්තවාදී රීතියට අනුව රචනා කර ඇත. එහි " තල්මසෙකු විසින් වමනය තුළ මින්නදයකු
සේ" යන වඩාත් උචිත උපමාවක් භාවිත කරමින් භාෂා අලකරණයන් සමගින් ඉසබෙල්
ඉදිරිපත් කර ඇත.
" බියකරු මකරෙකු සේ
මධුමකේතු අහස සිසාරා ගිනි ගතැයිද, පෘථිවි මණ්ඩලය ඒය ඇතුළු වූ විගස එහි වලිගයේ
විෂ වායුවකින් මුලු සෞරග්‍රහ මණ්ඩලයම වැසී ගොස් සෑම ආකාරයකම ජීවින් එහි විලීන ලෝ
දියේ දාහයෙන් වැසී ඇතැයි ද මිනිසුන් විශ්වාස කළහ "
අනාගතයේදී සිදු වීමට
නියමිත සිද්ධියක් පිළිබදව සත්‍ය හා අසත්‍ය අතර දිව යන මායාමය ස්වභාවයෙන් යුතුව කතුවරයා ඉදිරිපත්
කර ඇත. ධූමකේතු යනු වසර 70 පමණ වරක් අහසේ දිස්වන වස්තුවකි. මෙය සදහා
කතුවරයාගේ මනසෙහි මැවුන සිදුවීම්ද ඊට ඇතුලත් කර ගනිමින් සාර්ථක නිර්මාණයක් ලෙස
කතුවරයා ඉදිරිපත් කර ඇත.
"සිරුරේ එක්
පැත්තක දරදඩු වී ගිය අතර අනෙක් පස වේගයෙන් ගැහෙන්නට විය. අනන්ත වූ කාලයක් මිනියක්
කුණු නොවී පවත්වා ගැනීමේ මහාචාර්ය සූත්‍රය ගැන තිබු තීරණාත්මක සාක්ෂිය ඒ භූමදානයත්
සමග කිරි ගරුඩ සොහොන් කොතක් තුළ සැගව ගියේය. "
නවකතාව තුළ වන් හාස්‍ය
ජනක සිදුවීම් දැනවීම ව්‍යක්ත බස් වහරක් භාවිත කරමින් කතුවරයා මහාචාර්ය තුමාගේ වැඩ
පිළිවෙල පිළිබදව ඉන්ද්‍රජාලික යථාර්තවාදයට ගැලපෙන භාෂාවන් හරහා ඉදිරිපත් කර ඇත.
" මේ වන විට වියපත් ව
සිටි මහචාර්යවරයා කලාත්මකමායාවන්ගේ සිත පුරවාගෙන සිටියේය. ඔහුගේ සිහිනය වූයේ
තමන්ගේ මානව ප්‍රතිමා කෞතුකගාරයේ සියළු වෘත්තීන් නියෝජනය වන සේ විවිධාකාර මළමිණි
බෙහෙත් ගල්වා සරක්ෂණය කිරීමයි "
ඉන්ද්‍රජාලික
යථාර්තවාදය භව්‍යත්වය හා අභව්‍යත්වය අතර පවතින සම්බන්ධයකි. මෙය යථාර්තයෙන් ඵලා
යාමක් ලෙසින්ද අර්ථ දැක්විය හැක. ඊවා ලූනා නවකතාවෙහි එන මහාචාර්ය වරයාගේ අනාගත
සිහිනය පිළිබදව ද මෙහි විස්තර කර ඇත. ඒ තමන්ගේ ප්‍රතිමාවක් තම මළසිරුරට මළ බෙහෙත්
ගල්වා ප්‍රදර්ශණයට තැබීමය. නමුත් තමන් මිය ගිය පසු එය සිදු කරන්නේ කවරෙක්ද ? එය ගැටලුවකි.
"දිනක් පල්ලියේ සීනු
නාදය නොඇසෙන තරම් දුරට කැලයේ ඇතුළටම ගමන් කළෝය. කුකුලන් මෙන් කෙකෙරගාමින් එදා මුළු
දවසටම කැළයේ අස්සක් මුල්ලක් නෑර ඔවුන් කුකුළන් සෙවුවෝය. කුකුළන් අල්ලා ගත් ඇය ඌව
දණහිස් අතරට තබා තදකර ගත් අතර ඔහු ඌගේ උගුර පැලුවේය. ඉන් පසුවත් කුකුළා ජීවත්
වූවොත් ඔහු කලේ පැලු උගුර නැවත මැසිමය. මළ කුකුළන් ගමේ විකිණිය......."
මායමය ස්වරූපයකින්
යුතු ඊවා ලූනා නවකතාවේ ආරම්භයේ සිටම විකාශය වී ඇත. ඊවා සහ ඔහුගේ මායාමය හෙවත්
සිතිවිලි මත ගොඩනැගුණු ගිරවා මෙන්ම කැළයට ගොස් කුකුළන් සෙවිම පිළිබදව කියවෙන
පරිච්ඡේදය කතුවරයා සාහිත්‍ය රීතීන් අතර එන ඉන්ද්‍රජාලික යථාර්තවාදී රීතියට අනුව රචනා
කර ඇත. මෙහි සදහන් කර ඇති ආකාරයට කුකුළන් අල්ලා ගැනීම මෙන්ම එම කුකුළන්ව දණහිස්
අතර සිරකර තැබිම හා නොමැරී ඉතිරි වීයන කුකුළන්ගේ උගුර මැසීම පාඨක සිතට චිත්ත රූප
මැවෙන සජීවී වූ ආකාරයෙන් ජනිත කරමින් විස්තරකර ඇත.
" ගමනේ අවසාන කොටස පසු
කලේ ලොරියකිනි. කැළෑ කෙසෙල් පදුරු අතරින් , කුරු අන්නාසි වතු අතරින් වැටී මේ මග ,
වැලි සහ ලුණු මිශ්‍ර
තෙත් තැනක් විය. මිහිපිට ඇති අතිශය මායාකාරී පරිසරය මුල් වරට දකින ඕනෑම කෙනෙකු
විස්මයට පත් වීමේ හැකියාවෙන් පවා බෙලහීනව යන නිසා මේ කිසිවක් දැරිවියට විමතියක්
නොවීය "
කතකයා නවකතාව තුළ වන් සිද්ධි ඉදිරිපත් කිරීමේදී නවකතාවට
උචිත වන ලෙස පරිසරය ද මායාකාරී පරිසරයන් බව පවසයි. ඉහත අවස්ථාව පරිසරය පිළිබදව
සිදු කරන වර්ණනයක් හා වස්තරයක් යැයි කිව හැකිය. නමුත් එය තුළ වන් ඉන්ද්‍රජාලිකත්වය
පරිසරය තුළ වන් වස්තූන් පිහිටා ඇති ආකාරය හා ඒවායේ ස්වභාවය පිළිබදවත් අපුර්විත
අපුර්විත ලෙසින් කතුවරයා සදහන් කර ඇත. මෙය කියවීම හරහා පාඨක සිත තුළ කුතුහලය ජනිත
වනු නොඅනුමානය.
"මොළය තුවාල
වීම එක්තරා පුදගලයකු ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු බවට ප්සත් වුණු සැටි වෛද්‍යවරයාගේ
හිතවතා නැමැති කෘතිය ඔහු කියවා ඇත. මේ නිසා උත්පත්තියෙන් හෝ පුරුද්දෙන් මන්ද
බුද්ධිකයන වූ අයගේ ඔලුවට තඩිබෑවේ බුද්ධිමතුන් බිහි කිරීමට මේ පර්යේෂණ මාර්ගයෙන්
ඔහු වෑයම් කළේය. "
ප්‍රබන්ධ හරහා
හාස්‍ය හා උපහාසත්මක භාවය තුළින් පාඨකයා ඇද බැද තබා ගැනීමට සාහිත්‍ය රීතීයක් වන
ඉන්ද්‍රජාලික යථාර්තවාදී රීතිය මනා ලෙස ඉසබෙලා අයියන්දේ විසින් ඊවා ලූනා නවකතාව
තුළ දැක්වේ. මෙහි
මන්දබුද්ධිකයන් සුව කරලීම සදහා වෛද්‍යවරයා
අපුරූ ක්‍රියාමර්ගයක් ගනියි. එනම් එම මන්දබුද්ධිකයන්ගේ ඔලුවට වැරෙන් පහර දීමයි. මේ
හරයා මොළය තුවාල වීමෙන් මන්දබුද්ධික භාවය නැතිවන බව සදහන් කරයි. මෙය මායාමය
ස්වරූපයෙන් කතුවරයා ඉදිරිපත් කර ඇත.
" දහවලේ වැසී
පවතින පොත් රැයෙහි අවදි විය. ඒවයෙහි චරිත ඉන් එලියට විත් , කාමරය පුරා අන්දකාරයේ
ඇවිදිමින් ඔවුන්ගේ ත්‍රසෝත්මාදයන්හී ජීවත් වූහ. උදා හිරූ කවුලු අතරින් ඇතුලට
ගලද්දී තැන්පත්ව ඉන්නා සරක්ෂිත මළමිනී සැදෑ අදුරත් සමග ගුප්ත ගල්ගෙඩි ගස් එහෙ මෙහේ
සැරිසරා යොධයන්ගේ පමණට පිම්ඹුනේය. "
මායාමය සුරන්ගනා කතාවන්ගේ නවකතාව තුළ ගලා යාම ඉහත
උද්දෘතය තුළ නතු කර ගැනීමට ඉන්ද්‍රජාලික යථාර්තවාදයෙන් කතුවරයා ක්‍රියා කර ඇත.
මළමිණිය සමග ජීවත් වන චරිත් ස්වභාවයම ඔවුන්ට මුහුන දීමට සිදුවන සිදුවීම් මනා ලෙස
ඉදිරිප්ත් කර ඇත. සත්‍ය වශයෙන්ම සිදු නොවුවත් සත්‍ය ලෝකයේ සිදු වූ දෙයක් ලෙසින්
මවා පෑමට ගත් සාර්ථක උත්සහයක් ලෙසින් ඉහත උපුටනය සාක්ශි දරනු ඇත.
" යථාර්තයට
ගුප්ත මානයක්ද ඇත. අප කැමතිනම් ජීවන ගමන අඩු පීඩාවකින් නිම කිරීම සදහා මේ යථාර්තය
වර්ණවත් කොට උසස් තලයකට නිර්මාණය කිරීම යුක්ති යුක්තකි "
මායාව යථාර්තය තුළ ගොඩනැගී ඇති ආකාරය ඉහත උපක්‍රමය
තුලින් පැහැදිලි වේ. යථාර්තය ගුප්ත මායාවක් බවත් ජීවිතය තුළ සත්‍ය මත ගොඩනැගුණු
මායාවක් පවතින් බව ඉසබෙලා අයියන්ද විසින් ඉදිරිපත් කර ඇත. මේ අනුව ඉන්ද්‍රජාලික
යථාර්තවාදී සාහිත්‍ය රීතිය මත ඊවා ලූනා නවකතාව රචනා කර ඇති බව පැහැදිලි වේ.
සත්‍ය ලෝකයේ සිදු නොවන නමුත් සත්‍ය ලෙස සිදු
වූයේ යැයි පාඨකයා මායාමය කෝකයකට හෙවත් සිහිනමය යථාර්තයක් ගොඩනැගීම ඉන්ද්‍රජාලික
යථාර්තවාදී සාහිත්‍ය රීතිය තුළින් සිදු වේ. පාඨකයා තුළ කුතුහලය , හාස්‍ය , විනෝදය ආදී වූ සියල්ල
මෙය හරහා ලබා ගත හැකි වේ. මෙම සාහිත්‍ය රීතින් අතර එන ඉන්ද්‍රජාලික යථාර්තවාදී
ලක්ෂණ ගර්ෂියා මාර්කේස් විසින් රචනා කළ කොළරා කාලේ ආලේ නවකතාව හා ඉසබෙලා අය්යෙන්දෙ
විසින් රචිත ඊවා ලූනා නවකතාව තුළින්

















