සෙල්ෆි
කියන්නේ තරුණ ජෙනරේෂන් එක නොදන්න දෙයක්නම් නෙමෙයි. තැනක් නොතැනක් නැතුව සෙල්ෆි
ගැනීම දැන් සාමාන්‍ය සිරිතක් බවට පත්වෙලා තියෙනවා. සන්සලේ , පල්ලියේ , කෝවිලේ , ට්‍රිප් එකේ , හෝටලේ , බාතෲම් එකේ වගේම
මළගෙදර , දානේ ගෙදර ,
සෙල්ෆි ගහන සෙට් අපි
ඕනිතරම් හමුවෙලා තියෙනවා. මා මෙ පිළිබදව මෙලෙස දිගහැරුමක් කරන්නෙමු.
තැනක් නොතැනක්
නැතුව තරුණ්‍ය විසින් තම ස්මාර්ට් ජගම දුරකථනයෙන් ලබා ගන්නා සෙල්ෆිය ෆේස්බුක් දමා
ඊට ලයික් හා කමෙන්ස් ලැබිමෙන් අපමණ සතුටක් ලබයි. වර්තමානයේදී මේ සෙල්ෆි කියන්නේ
තරුණ ජීවිත වලට අවදානමක් මෙන්ම ජීවිත පවා නැතිවන මාරයෙකි.මෙය ලකාවට පමණක් පොදු
වූවක් නොව. ලකාව ඇතුලුව ලෝකයේ බොහෝ රටවල අවදානම් ස්ථාන වල සෙල්ෆි ගැනීමට ගොස් බොහෝ
තරුණ තරුණියන් ජීවිතක්ෂයට පත්වී ඇත. පර්වත , කදුමුදුන් වල , බෑවුම් වල , දියඇලි අසල
ආදී අවදානම් ස්ථාන වල සෙල්ෆි ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වෙති. මේ නිසා
මෙවැනි ස්ථාන වල සෙල්ෆි ගැනීම වර්තමානයේදී තහනම් කර ඇත. එසේම කෙනෙකුට විපතක් වූ
අවස්ථාවක මෙන්ම රිය අනතුරක් වූ විටදී වුවත් අනතුර වූ පුද්ගලයාට උපකාර කරනවා වෙනුවට
එතන සිට සෙෆියක් ගැනීමට තරම් අද සාමජයේ මිනිසුන් ආත්මාර්ථකාමි වී ඇත.
සෙල්ෆි
කියන්නේ අද වනවිට තාරුණ්‍ය අතර එක්තරා ආකාරයක උන්මාදයක් වී ඇත. නව සස්කෘතිය , නව තාක්ශණය හා මුසු වී තැනක් නොතැනක් නැතුව
ගන්නා සෙල්ෆිය ඕනිම අවදානමක් ඇති ස්ථානයක වුවද ගැනීමට පෙළඹීමට හේතුව කුමක්දැයි
යන්න ගැටලුවකි. තාරුණ්‍ය යනු අලුත් විදිහට හිතන්න පුළුවන් පිරිසක්. ඉතින් ජීවිත
අවදානමක් අරන් ගන්නා සෙල්ෆිය වෙනුවට රටටත් සමාජයටත් වැඩදායි යමකට යොමු කරනවානම් එය
වටිනා වූ ක්‍රියාවකි

No comments:
Post a Comment