Thursday, August 23, 2018

සංවර්ධන දේශයක සිහිනය

















                                 ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඇත්තටම මේ කියමන දැන් පරම්පරා ගානක් පුරාවට කතා කරන මර්තෘකාවක්. පොඩ්ඩක් හිතන්න අපේ තාත්තා , සීයා , සීයගේ තාත්තා පරම්පරා ගණනාවක් තුළ පෙළ පොතෙහි සදහන් වන්නේ " ශ්‍රී ලකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් " යන්නයි. ඇත්තෙන්ම මේ කියමන කෙතරම් සර්ව සාධාරණ කියමනක්ද යන්න මොහොතක් මෙනෙහි කලෙමි.

                                අනාදිමත් කාලයක් පුරාවටම ලංකාව සංවර්ධනය වෙමින් පවතින් රටක් වුවද තවමත් සංවර්ධිත රටක් වීමට නොහැකි විය. භෞතික වශයෙන් මෙන්ම අධ්‍යත්මික වශයෙන් ලංකාව දියුණු කිරීමටනම් තව පරම්පරා ගණනාවක් ගතවනු නොඅනුමානය. ජාති , කුළ , ආගම් වශයෙන් බෙදී වෙන් වී ගැටුම් ඇති කර ගැනීම තම , තම නිවසේ කුණු එහා වත්තට දැමිම , වන විනාශයක් පරිසර විනාශයන් ආදී නොමනා ක්‍රියා කලාපයන් තුළින් අපේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට තවත් කාලයක් ගත වන බව පැහැදිලිය.
                               සංවර්ධිත දේශයක සිහිනය සිහිනයක්ම කර හූල්ලන අප අනෙකාට චොදනා කළද මෙයට හේතුව වෙන කාගේවත් වරදක් නොව අපගේම වැරදි බව පිළිගත යුතුය. රට සවර්ධනය කිරීමට පෙර රටේ ජීවත්වන මිනිසුන්ගේ මනස සවර්ධනය මනස සවර්ධනය කළ යුතු වේ. බාහිර ඔපේ තිබු පමණින් සංවර්ධන ඉලක්ක කරා යා නොහැක. ඔළුගෙඩි නැති රොබෝවරුන් පිරිසක් ලෙස නොව මානව දයාව ප්‍රමුඛ උත්තම මනුදම් රෝපිත පිරිසක් බිහි කිරීම හරහා නිකන්ම අපේ රට සංවර්ධිත රටක් වනු ඇත.

No comments:

Post a Comment

ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.

  ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.                                                   ...