Wednesday, August 22, 2018

ළමා මනස වියරු කරන කාටුන්


                       






                       
                           විවේකිව සිටින දිනක මා නිකමට මෙන් රුපවාහිනිය නරඹන්නට සිතිනි. ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කරන කාටුන් රුපවාහිනියෙහි විකාශය විය. ටික වේලාවක් යන විට මට හිතුනේ ඇත්තටම මේ කාටුන් ඉදිරිපත් කරන්නේ රටේ ඉන්න දරුවන් වෙනුවෙන්ද යන්නයි. තරහව , වෛරය , ක්‍රොධය වැනි සිතිවිලි සටන්කාමිත්වය , පලිගැනීම වැනි දේ කුඩා දරුවන්ගේ මනස තුළ නොපවතියි. කාටුන් සවස 3 පමණ සිට 6 දක්වා දිගු කාලයක් විවිධ රුපවාහිනි නාළිකා හරහා විවිධ කාටුන් ඉදිරිපත් කරයි. මේවගේන් ළමා මනසට ලැබෙන්නේ මොන්වාද යන්න ගැටලුවකි.

                         ජාතික රුපවාහිනිය ආරම්භ වූ මුල් සමයේ සිට " ටයිටස් තොටවත්ත " මහතා විසින් ක්‍රියාත්මක කළ හඩකැවිම් මැදිරිය හරහා ඉතා අගනා මෙන්ම විශිෂ්ඨ කාටුන් විශාල ප්‍රමාණයක් ඇත. එම කාටුන් සදහා ආදරය කරන විශාල පිරිසක් සිටියි. දොස්තර හොදහිත , බෲම් , ඉගුරුපාන් මල්ලි , කෝලිකුට්ටු සහෝදරයෝ , වලස් මාමා , පිස්සු පූසා , කූඹිච්චී , සෙල්ලම් ගෙවත්ත , වගේ කාටුන් හරහා ළමා මනස තුළ යහපත් ගතිගුණ , සිරිත් විරිත් පවා ඇති කරන්න සමත් වුනා. ළමා කාලය පසු කර තරුණ , වැඩිහිටිවියට පැමිණි අයකු පවා තම ළමා කාලය තුළ නැරඹු මේ කාටුන් වලට ආදරය කරති.

                               වර්තමානයේදී මාධ්‍ය තරගකාරීත්වය හරහා බටහිර සංස්කෘතිකාග ඇති කාටුන් බොහෝ නාළිකා වල විකාශණය වේ. මේවායෙන් දරුවන්ගේ මනස විකෘර්ති වීම මිස අන් කිසිවක් නොලැබෙනු ඇත. පාසල් ගොස් නිවසට පැමිණි මොහොතේ සිට හෝරා ගණනාවක් මෙම කාටූන් බැලීමට පුරුදු වන දරුවන් තුළ නිතැතින්ම යහපත් සිතිවිලි නොව අයහපත සිතිවිලි ඇති වෙයි. කෙනෙකුගේ දුක හදුනා ගැනීමට , කෙනෙකු දුකේදී පිහිට වීම වගේ ගුණ ධර්මයන්ගෙන් බැහැර වී ළමා මනස වියරු කරන තත්වය අද කාටූන් පත් වී ඇත.

No comments:

Post a Comment

ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.

  ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.                                                   ...