Sunday, June 24, 2018
අම්මාවරුන් පමණද මතු බුදු වෙන්නේ........
මට හය හතර නොතේරෙන වයසේ ඉදලම මගේ ලෝකේ වීරයා මගේ තාත්තා..... අද දක්වාම එය එසේමයි. ගෙදර බුදුන් අම්මා ලෙස හැමෝම කිවුවත් මම කියන්නේ ගෙදර බුදුන් අම්මා, තාත්තා කියන ජීවමාන වස්තුන් දෙක පමනී. තම සෙනෙහස නොපෙන්වා මහ මෙරක් තරම් දරුවන්ට සෙනෙහස දක්වන පියා පිලිබද ටී.එම් ජයරත්න ශූරීන් ගායනා කරන , මාලනී ජයරත්නගේ පද රචනය හා රෝහන වීරසින්හගේ සන්ගීත සුසන්යෝග වූ " අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී" ගීතය ඇත්තෙන්ම හදවතට දැනෙන හැගීම්බර ගීතයකී.
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් ඔබේ ලෝකය එළිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී........
මෙහී සදහන්ව ඇතී උපමා රූපක අනුව මව සදටත්, පියා හිරුටත් දරුවන් ලෝකයටත් සමාන කර ඇත. සදට ආලෝකය දෙන්නේ හිරුය. සද සෞමය්‍ය.....හිරු උණුසුම්ය.... නමුත් හිරු සහ සදු යන දෙකම නොමැතිව ලෝකය පැවැත්මක් නැත. දරුවන්ටද ජීවය ලබා දෙන්නේ මව සහ පියා යන දෙදෙනාමයි. මව දරුවෙකු කුසතුල දරා සිටිනුයේ දසමසක් පමනි. නමුත් පියෙකු මව සහ දරුවා ජීවිත කාලය තුළම රකිනු ඇත.
සිරුරේ දුවන්නේ මගේ ලේ නොව පුතුනේ
කුසයේ නොදැරුවත් දිවී බර මට දැනුනේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ......
දස මසක් කුසතුළ නොදැරුවත් දරුවන්ගේ අනාගතය සක්ෂාත් කිරීම සදහා දිවිබර කරට ගන්නේ පියාය. දරුවන්ගේ රුධිරගත සහසම්බන්දය පවතින්නේද පියාටයි.
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදූ වෙන්නේ......
අවසානයේදී පියාගේ හැගීම් තුළින් මුළුමහත් සමාජයටම පැනයක් අසයි. ඇත්තෙන්ම ඕනෑම සන්වේදී කෙනෙකුට මේ ගීතය අසන විට නෙතගට කදුලක් නැගෙනු ඇත. ඒ සැබවින්ම එලිපිට නොපෙන්වන හදවතින් පමනක් ආදරය කරන පිය සෙනෙහසයි. දරුවෙකු ඉපදුනු මොහොතේ සිට මවගේ පිටුපසින් ගොඩනැගුන අද්විතීය සෙවනැල්ල පියාය. නමුත් බොහෝවිට දරුවන්ට ගෝචර වන්නේ මවගේ සෙනෙහස පමණි. සමස්ථ පියවරුන් සමාජයෙන් අසන්නේ මෙයයි "අම්මාවරුන් පමනද මතු බුදුවෙන්නේ.......
නිලූ......
2018/06/24
Friday, June 22, 2018
පියාණනී
හිරු රශ්මිය සේ දැඩි ඔබ
මහා වෘක්ෂයක් ලෙස සෙවන දෙයි අපට
ඉවතලිය ඔබ සියලු ආශා
සංසිදලීමට අපගේ ආශාවන්
දිනන්නට ලොවම මට
ශක්තිය ලබා දුන් නිබද ඔබ
කවදා මේ ණය ගෙවන්නද මා
සදා ණයගැතිය ඔබට පියාණනී.......
නිලූ....
Wednesday, June 20, 2018
සාර්ථකත්වය
කෙනෙකුගේ සාර්ථකත්වය යනූ එක රාත්‍රියකින් ලබා ගත යුතු දෙයක් ලෙස සිතනවානම් එය ලෝකයේ ලොකුම මෝඩකමයි. සමජය තුල වෙසෙන මිනිසුන් අපිට කොටස් දෙකකට වෙන් කළ හැකි වෙයි. එනම් ජීවිතය දිනූ මිනිසුන් හා ජීවිතය නොදිනූ මිනිසුන් ලෙසයි. ජීවිත කාලය තුල තමා කරන කැපකිරීම් මත තම ජීවිත සාර්ථක කර ගත් ශ්‍රේෂ්ට චරිතයන් ලෙස බුදුන් වහන්සේ, මහම්මද්තුමා, ක්‍රිස්තුස්වහන්සේගේචරිතය සාක්ශි ලෙස පෙන්විය හැකිය.
ජීවිතයක් සාර්ථක කර ගැනීමට අරමුණක් තිබිය යුතුය. අරමුණ කරා යාමට විශ්වාෂය, අධ්නීමට ඉෂ්ථනය සේම කැපවීමද තිබිය යුතුය. ජීවිතය සාර්ථක කර ගැනීමට පළමුවම සමාජයට අනාදරය කරන හිස් බොල් පිළිම අතර ඔබ සමාජයට ආදරය කරන කශේරුකාවක් ඇති සුපසන් මිනිසෙකු වන්න. ජීවිතය සාර්ථක කරගත් මිනිසුන් සියලු දෙනාම අපරිමිත කැප කිරීම්, දුක් වේදනා, සෝසුසුම් මැද සාර්ථක වූවන්ය. එය ලෝකය අතගා බලන විට පෙනෙන යථාර්තයක්ය.
ජීවිතය දිනන්නට ඔබ අප සියලුදෙනා පඩියෙන් පඩිය ඉහළ නැගිය යුතුය. අවසානයේදී මහන්සියක් නොමැතිවම ඉහළ සිටිනු දැකගත හැකිය. එහිදී නුඹ උඩගු නොවන්න, ආඩම්බර නොවන්න, අහන්කාර නොවන්න...... නුඹ කපන සිදින විටදී පවා සුවද හමන සෙවන සදන සදුන් ගසක් වන්න.......
නිලූ.....
Friday, June 8, 2018
ජීවිතය
පිපෙන පරවෙන මල් අතරින්
අතු ඉති අඟ හෙමිහිට
එල්ලී වැටෙන පිනි බිදුව සේ
නොවේද ජීවිතය
නැගෙන බිදෙන රළ සේමය
නැවතුමක් සොයන මේ සසරේ
අරුත දිටිමි ජීවිතයේ.......
Subscribe to:
Comments (Atom)
ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.
ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය. ...
-
University of kelaniya History August 6th, 2012 The University of Kelaniya has its origin in the historic Vidyalankara Pirivena, f...



