Sunday, June 24, 2018

අම්මාවරුන් පමණද මතු බුදු වෙන්නේ........









                     මට හය හතර නොතේරෙන වයසේ ඉදලම මගේ ලෝකේ වීරයා මගේ තාත්තා..... අද දක්වාම එය එසේමයි. ගෙදර බුදුන් අම්මා ලෙස හැමෝම කිවුවත් මම කියන්නේ ගෙදර බුදුන් අම්මා, තාත්තා කියන ජීවමාන වස්තුන් දෙක පමනී. තම සෙනෙහස නොපෙන්වා මහ මෙරක් තරම් දරුවන්ට සෙනෙහස දක්වන පියා පිලිබද ටී.එම් ජයරත්න ශූරීන් ගායනා කරන , මාලනී ජයරත්නගේ පද රචනය හා රෝහන වීරසින්හගේ සන්ගීත සුසන්යෝග වූ " අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී" ගීතය ඇත්තෙන්ම හදවතට දැනෙන හැගීම්බර ගීතයකී.   

                             අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
                             ඒ ඉර හදෙන් ඔබේ ලෝකය එළිය වුනී
                              රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී 
                              පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී........

                         මෙහී සදහන්ව ඇතී උපමා රූපක අනුව මව සදටත්, පියා හිරුටත් දරුවන් ලෝකයටත් සමාන කර ඇත. සදට ආලෝකය දෙන්නේ හිරුය. සද සෞමය්‍ය.....හිරු උණුසුම්ය.... නමුත් හිරු සහ සදු යන දෙකම නොමැතිව ලෝකය පැවැත්මක් නැත. දරුවන්ටද ජීවය ලබා දෙන්නේ මව සහ පියා යන දෙදෙනාමයි. මව දරුවෙකු කුසතුල දරා සිටිනුයේ දසමසක් පමනි. නමුත් පියෙකු මව සහ දරුවා ජීවිත කාලය තුළම රකිනු ඇත.

                            සිරුරේ දුවන්නේ මගේ ලේ නොව පුතුනේ
                           කුසයේ නොදැරුවත් දිවී බර මට දැනුනේ
                           මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ 
                           පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ......
                             
                           දස මසක් කුසතුළ නොදැරුවත් දරුවන්ගේ අනාගතය සක්ෂාත් කිරීම සදහා දිවිබර කරට ගන්නේ පියාය. දරුවන්ගේ රුධිරගත සහසම්බන්දය පවතින්නේද පියාටයි.

                           මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
                           මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
                           පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
                            අම්මාවරුන් පමනද මතු බුදූ වෙන්නේ......

                           අවසානයේදී පියාගේ හැගීම් තුළින් මුළුමහත් සමාජයටම පැනයක් අසයි. ඇත්තෙන්ම ඕනෑම සන්වේදී කෙනෙකුට මේ ගීතය අසන විට නෙතගට කදුලක් නැගෙනු ඇත. ඒ සැබවින්ම එලිපිට නොපෙන්වන හදවතින් පමනක් ආදරය කරන පිය සෙනෙහසයි. දරුවෙකු ඉපදුනු මොහොතේ සිට මවගේ පිටුපසින් ගොඩනැගුන අද්විතීය සෙවනැල්ල පියාය. නමුත් බොහෝවිට දරුවන්ට ගෝචර වන්නේ මවගේ සෙනෙහස පමණි. සමස්ථ පියවරුන් සමාජයෙන් අසන්නේ මෙයයි "අම්මාවරුන් පමනද මතු බුදුවෙන්නේ.......


                                                                                                                                 නිලූ......
                                                                                                                                 2018/06/24

8 comments:

ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.

  ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.                                                   ...