Monday, August 20, 2018

තාරුණ්‍යයේ තරු සිහිනය

                   

                        රටේ ලෝකයේ ජනප්‍රිය තරුවක් වීමට අකමැති කෙනෙකු නැත. එක රත්‍රියකින් තරුවක් වී ජනප්‍රියත්වයට පත් වීම වර්තමාන තාරුණ්‍යයේ රැල්ලක් බවට අද වනවිට පත්වී ඇත. තමන්ට ඇති දක්ශතාවය කුමක් වුවත් එය ප්‍රදර්ශණය කරමින් ජනප්‍රිය පුද්ගලයකු වීමට සිහින දකින තාරුණ්‍ය පිළිබද අප කණට ඇසෙන කතා නිමක් නැත. සියලු සිහින පසෙකලා එක රැයකින් තරුවක් වීම සදහා ලක්ෂ සඛ්‍යත තරුණ තරුණියන් සටන් වදිති. අද වන විට බොහෝමයක් මාධ්‍ය නාළිකාවල තම නාළිකාවෙහි ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය වැඩි කිරීම අරමුණු කර ගනිමින් මෙම තරු වැඩසටහන් බිහි කරයි. මේ හරහා දිනන්නේ දක්ෂයාද යන්න ගැටලු සහගතය. මක්නිසාදයත් මෙහි දක්ෂයා තෝරන්නේ  මනාප මතයි. ඉදිරිපස විනිසුරු මඩුල්ලක් සිටියද ජනතා මනාපය තුළින් දක්ෂයා තේරිම හරහා ඇත්තෙන්ම දක්ශයාට නිසි තැන ලැබෙනවාද යන්න ගැටලුවකි.
                                 
                                    සෑම රූපවාහිනි නාළිකාවක්ම පාහේ වාණිජ අරමුණු මුදුන්පත් කර ගනිමින් මෙම තරු වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එක් රූපවාහිනි නාළිකාවක් විසි ආරම්භ කල මෙම තරු වැඩසටහන් අද වනවිට බෝවන රෝගයක් මෙන් පැතිරී ඇත. ජනතා SMS මනාපය ඇයට හෝ ඔහුට ලැබෙන්නේ බාහිර රූපයට මිස සැබෑ දක්ෂතාවයට නොවේ. එම නිසා මා දකින්නේ මෙම තරු වැඩසටහන් යනු හුදෙක් මායාවක් පමණි. Session One Session two ..... ආදී ලෙස කෙළවරක් නොමැතිව වර්ෂයෙන් වර්ෂයට තරු බිහිකිරීම හරහා මුලින්ම බිහි වූ තරු පසුවට එම නාළිකාවට පවා අමතක වනු ඇත.
                                    
                                     තරු වැඩසටහන් හරහා බිහිවන ගායක ගායිකාවන්ගේ බාහිර රූපය , ඔවුන්ගේ හැසිරීම් රටා වර්තමාන තරුණ පරපුර අනුකරණය කරනු දැකගත හැකි වෙයි. සිහින තුළ මුලා වූ පරිකල්පණය මොට වූ හිස් අදහස් ඇති තරුණ පරපුරක් බිහි වීම හේතු වන්නේ මෙම තරු සිහින වැඩසටහන් හරහා බව මගේ අදහසයි.



No comments:

Post a Comment

ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.

  ඊවා ලූන හා කොළරා කාලේ ආලේ නවකතා වල ඉන්ද්‍රජාලික යථාර්තවාදී ලක්ෂණ යොදා ඇති ආකාරය.                                                   ...