කමලා යනු සුමනදාසගේ
බිරිදය. රජගල ග්‍රාමය තුළ ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වූ මෙම අඹු සැමියන් දෙදෙනා
හට දරුවන් නොමැත. මොවුන්ගේ නිවස යාබදව "නිධන් ගල " යනුවෙන් ඓතිහාසික
පුදබිමක් පවතියි. කදු ශිඛර මුදුනෙහි පිහිටා ඇති මෙම පුදබිමෙහි රූස්ස කැළෑවක් මැද
ගලා බසින ගංගාවක් අසල විශාල ගල් තලාවක " නිධානයක්" පවතින බව ගමේ බොහෝ
දෙනෙකු දන්නා කරුනකි. නමුත් කිසිවකු එම ස්ථානයට ළගා වීමට නොහැක.
සුමනදාස නගරයේ ජීවත්
වන හිතවත් තරුණයකු වන නිමල් හට මේ පිළිබදව වරක් පවසා ඇත. මෙවැනි සිදුවීම් පිළිබදව
දැඩි උනන්දුවෙන් පසු වන නිමල් සුමනදාසගේ හිත මෙම " නිධානය " ගැනීමට
පොළඹවා ගනියි.
" සුමනදාස අයියේ අපිට
හැමදාම මෙහෙම ඉන්න බැනේ. අපටත් කියලා අනාගතයක් තියෙන්න එපැයි. මාතර පැත්තේ මම දන්න
හොද ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. හැබැයි ගාන ටිකක් සැරයි. මම ඒ ගැන බලා ගන්නම්.
මොකද කියන්නේ වැඩේ කරමුද.....? "
" ගොවිතැනුත් එන්න එන්නම
පාදු වෙනවා, මොනවහරි කරලා
මේ ණය ටිකෙන් නිදහස් වෙන්ටත් ඕනී. හැබැයි නිමල් මලයෝ එක දෙයක් තියෙනවා මේ වගක් අපේ
ගැණිටනම් ආරංචි වෙන්ට තියන්ට එපා. ඔය නිධන් ගල කියන්නේ අපේ ගමේ වස්තුවයි. ගම
රැකිලා තියෙන්නේ ඔය " නිධන් ගල" හින්දලු. ලැජ්ජතිස්ස රජ්ජුරුවන්ගේ
රාජධානිය තිබුනේ මේ අවටනි. උන්නාන්සේගේ රාජ කකුද භාණ්ඩ තැන්පත් කරලා තියෙන්නේ ඔය
" නිධන් ගලෙ"ලු. මිනිස්සු මාසෙකට සැරයක් පේ වෙලා එතනට ගිහින් පුද සත්කාර
කරනවා"
" හරි හරි බන් අයියේ මං
ඔය වගක් අක්කට කියන්නේ නෑ. එහෙනම් අපි අදම ඔය " නිධන් ගල" බලන්න
යමු"
(දෙදෙනා වනාන්තරය
මැදින් කදු හෙල් තරනය කරමින් විශාල ජල පහරක් කඩා හැලෙන්නා වූ රමණීය පරිසරයක පිහිටි
" නිධන් ගල" අසලට පැමිණියහ)
" ෂා...... මාර ලස්සන
තැනක්නේ සුමනදාස අයියේ. හැබැයි හරිම පාඑයි. මූසල පාටයි. "
" හා.... හා... ඔය කට
වහගනින් මෙතන හාස්කම් තියන තැනක්. රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා
තියෙන්නෙත් මේ අවට තමයි. අනික මේ " නිධන් ගල" අරක් ගත් බහිරවයෙක්
උන්නවලු. කෙම්මුර දව්ස් වලට මේ "නිධන් ගල" අහල පහළින් යන මිනිස්සු ඒ
බහිරවයා දැකල බය වෙලත් තියෙනවා. "
" බය වෙන්න එපා අයියේ මම තව දවස්
දෙකකින් නියම කට්ටඩියෙක් අරන් එන්නම්. මේ " නිධානය" අපි ගන්නවා
ගන්නවා.....එක සිකුරුයි. "
මෙසේ පවසා නිමල් පසු දින පාන්දරින්ම මාතර බලා
පිටත් විය. සුමනදාසද තම නිවස බලා පිටත් විය.
" කමලා..... කමලා මෙහෙට අවනම්"
කොහෙද
මනුස්සයෝ ගියේ ? මං මේ වෙළ
පැත්තේ හොයනවා කොහෙද ගියේ හැබැවටම"
මං වත්ත පහළ
හිටියේ. ඒක නෙමෙයි අද ඉදලා සතියක් යනකන් මේ ගෙදර කිසිම කිසිම පුලුටු දෙයක් හදනවා
එහෙම නෙමෙයි. හරිද."
අනේ මන්දන්නේ නෑ සුමනේ ඔයාට මොනා වෙලාද කියලා.
මට කියන්නෙත් නෑ මුකුත්. හැබැයි කරන දෙයක් පරිස්සමින්....."
( එදින රාත්‍රියේ මෙම නිවස තුළ අමුතු අමුතු
දේ සිදු විය. )
" සුමනේ සුමනේ ඉක්මනට එන්නකෝ.....
"ඇයි මොකද බෙරිහන් දෙන්නේ?"
බලන්නකෝ මං
දැන් වහපු දොර කවුද ඇරලා
දාලනේ.......ඒ මදිවට කවුද ඇවිදින අඩි ස්ද්දෙකුත් ආහෙනවා "
( මදක් සිනාසී සුමනදාස )
"මේ ගෑණිට
පිස්සුද කොහෙද. ඔය දොර ලොක් නොකරම හුළගට ඇරෙනවා. බහුබූත හිතන්නේ නැතුව ඔය දොර ලොක්
කරලා නිදාගන්ට."
දින 02කට පසු මාතර ගිය නිමල් සුමනදාසගේ නිවසට
පැමිණෙයි.ඔහු පැමිණෙන්නේ මාතර සිට රැගෙන ආ ගුරුන්නාන්සේ කෙනෙකුද සමගය.
" ආ අපි හැමතැනම
හෙවුවා සුමනදාස අයියා මෙතනනි. "
උඹ අවද මලයෝ "
මේ තමයි ම
කියපු ගුරුන්නාන්සේ. අපි උන්දැත් එක්කන් "නිධන් ගලට" යමුද ?"
මේ දැන්.....? දැන් ගියොත් රෑ
වෙයිනේ."
"දැන් ගියොත්
තමයි හොද. නැත්නම් මේ වැඩේ තවත් පස්සට යනවනේ"
"එහෙනම් යමුකො
අපි"
තිදෙනාම එක්ව
"නිධන් ගල" වෙත ගමන් කිරීමට පටන් ගනියි. ටික දුරක් යන විට කොහේදෝ සිට
පැමිණි තද සුළගක් ඇති විය. තුන්දෙනා තුන් පැත්තකට විසි විය. නැවත එක් වී ඔවුන්
ගමන් ආරම්භ කරයි. රැහැයියන් , උලමුන්ගේ ශබ්ද
දසත පැතිරෙයි. බල්ලන් උඩු බුරති. විවිධ අඩි ශබ්ද ඇසෙයි. නිමල් සහ සුමනදාස මහත් ලෙස
බියට පත්වෙයි.
" ගුරුන්නාන්සේ අපි ආපහු හැරිලා යමුකෝ. හෙට
උදේම එමු. දැන් කරුවල වැන්නත් ළගයි"
" ඉස්සරහට තිබ්බ
අඩිය මම ආය පස්සට ගන්නේ නෑ. මේ ආවා වගේ අපි ඔය කියන තැනට යමුකෝ"
" බය වෙන්ට
දෙයක් නෑ මම ඉන්නවනේ"
සියලු බාදක මැද ඔවුන් "නිධාන ගල" අසලට
පැමිණියහ. ගුරුන්නාන්සේ වටපිට පරීක්ෂා කර .......
" ෂා........... මේ තියෙන්නේ ඇත් අඩි. මෙන්න
නයි පෙනෙත් තියෙනවා. මෙතනනම් එසේ මෙසේ නිධානයක් නෙමෙයි තියෙන්නේ. ඇතෙක් බරට
වස්තුව."
(නිමල්, සුමනදාස හා
ගුරුන්නාන්සේ මුහුණෙන් මුහුණ බලා සිනාසෙයි)
" ඒකනේ මම කිවුවේ නිමල් මලයෝ මේක බොහෝම වටින නිධානයක්
කියලා"
" වැඩේ කල් දාල බෑ. ඉක්මනට කරන්න ඕනී. මට බිලි
පූජාවට ඔනී බඩු ටික ලියලා දෙන්නම් . නිමල් ඒ ටික සුමනදාසට ගෙනත් දෙන්ට ඕනී. අපි මේ
වැඩේ ලබන කෙම්මුර දවසට කරමු."
" ඒක හොදයි
ගුරුන්නාන්සේ. මම බඩු ටික ගෙනත් දෙන්නම්."
තිදෙනාම දුශ්කර ගමනකින් පසු තම තමන්ගේ
නවාතැන් කරා ගමන් කරයි.
" කමලා කමලා
........"
" මොකද මේ
බයවෙලා වගේ. දොරවල් ඇරල දාලා. හරියට මිනිහා මැරිච්ච ගෑනි වගේ. මොකද මේ ?"
" මේ ගෙදර මොකක් හරි අමුනිස්ස දෝසයක් තියෙනවා.
නිකන් එකක් නෙමෙයි මලපෙරේත බලපෑමක්. මම රෑට උයපු බත් මුට්ටිය එළවලු හට්ටිය කවුදෝ
කෙනෙක් කාලා. ඒ මදිවට ඒ භාජන පොළවේ ගහලා. ගේ ඇතුලේ කවුද ඉන්නවා වගේ හෙවනැලි පේනවා.
මහ හයියෙන් කෑ ගහනවා. මට තවත් මෙහේ ඉන්න බෑ"
(කමලා මහ
හයියෙන් හඩයි.)
" හරි හරි කමලා බය වෙන්න
දෙයක් නෑ. ඔයා රෑට උයපු භජන වහන්න නැතුව ඇති. පුසාවත් පැනලා ඒවා කැඩෙන්න ඇති. අපි
අලුතින් කුස්සියට බඩු ගමුකෝ. අනික මුලු දවසම තනියම ගෙදර ඉදලා තමයි ඔය මනස්ගාත
හිතෙන්නේ. මම කියලා තියෙන්වනේ මමලාගේ ගෙදර මැණික කෙල්ලව කතා කර ගන්න කියලා. ඔහොම
ටික දවසක් ඉවසන්නකෝ මම කමලව රැජිනක් කරනවා. බොහෝම ඉක්මනින් ඒ දවස
එනවා.........."
"ඇති ඇති ඔය කියෙවුවා.
ඇත්තටම අර නිමලුයි තව මිනිහෙකුයි එක්ක මොකක්ද සුමනේ මේ කරන්න යන වැඩේ......"
"එහෙම මොකුත්
නෑ කලබල නොවි ඉන්න"
කෙම්මුර දවස උදා විය .
නිමල් සහ ගුරුන්නාන්සේ පළමුව නිධන් ගල වෙත ගමන් කරයි. පසුව සුමනදාස බිලි පූජාවට
අවශ්‍ය ආම්පන්න මල්ලද රැගෙන වෙනම පැමිණෙයි.
සුමනදාස බඩු මල්ල
රැගෙන තනිව " නිධන් ගල" කන්ද නගින විට කිසි දින දැක නොමැති ශක්තිමත්
සිරුරකින් යුක්ත තරුණයකු ඔහුට මුණගැසෙයි.
" කොහෙද මේ
බෑරක්ද? "
(සුමනදාස බියට පත්වුයේය)
" නෑ මේ දර වගයක් ගේන්න කන්දට යනවා."
" ආ ඒකමිසක්. තනියෙන් මේ
හරියේ ගැවසේන එක භයානකයි"
"හරි එහෙනම් මම
යන්වා"
සුමනදාස ඉතා ඉක්මනින් එතනින් පිටව "
නිධන් ගල" අසලට පැමිණෙයි. ඒ වනවිටත් නිමල් සහ ගුරුන්නාන්සේ සුදු ඇදුමින්
සැරසී ගුරුන්නාන්සේගේ කරට රතු පටියක්ද දමා බිලි පූජාවට අවශ්‍ය ආම්පන්න ටික සුමනදාස
රැගෙන එන තුරු මග බලා සිටියි.
" මම ප්‍රක්කුද
ගුරුන්නන්සේ?"
(කකුලෙහි ලේ
වැගිරෙමින් ඉතාමත් අමාරුවෙන් සුමනදාස පැමිණෙන අයුරු දැක නමල් හා ගුරුන්නාන්සේ ඒ
දෙසට දුවයි.)
"මොකද වුනේ සුමනදාස අයියේ?"
මගදි කකුලේ
උලක් ඇනුනා. ඔන්න ඔය රෙදි පටි කෑල්ලක් ගත්තනම් "
පරක්කු නොවී පුජාව පටන්ගමු එහෙනම්"
ගුරුන්නාන්සේ ඉතාමත් ඕනෑකමින් පිදේනිය සකස්
කරයි. එහි කුකුල් බිළි දෙකක්ද , පාට පහක් මල්
වර්ගද , වැඩි වශයෙන්
රතු වද මල්ද , බිත්තර 04 ක්ද, කපුරු, කට්ට කුමන්ජල් ආදිය
ඇතුලත් වේ.
" හරි අපි දැන්
එහෙනම් පූජාව පටන්ගමු. "
" මොනවාහරි
වුනොත් උඹලා දෙන්නා මාව දාලා එහෙම යන්නේ නෑ හරිද. මම ආවේශයෙන් ඉල්ලන දේවල් මට
දෙන්නත් එක්ක දෙන්න ඕනී හරිද. "
" එහෙමයි ගුරුන්නාන්සේ " (දෙදෙනාම
පිළිතුරු දෙයි.)
ගුරුන්නාන්සේගේ පහන් දල්වා බෙරයක්ද ගෙන එයට
ගසමින් යාතිකා කරයි. ආවේශ වූ ස්වරූපයෙන් යුතුව එක් කුකුලෙක් රැගෙන ඒකාගේ
බෙල්ලසිදියි. කුකුලාගේ බෙල්ලෙන් වෑහෙන රුධිරය ගල වටේ ඉසියි.
ටික වේලාවකින් ගුරුන්නන්සේගේ බෙරයේ ශබ්දය
වැඩි විය. ගුරුන්නාන්සේගේ ආවේශවීමද ක්‍රමයෙන් වැඩි වෙයි. සුමනදාස හා නිමල් බය
වෙයි. ටික වේලාවකින් හැඩිදැඩි කලු ශරීරයකින් යුක්ත පුද්ගලයකු ගිනිගොඩ මැදින් මතු
වෙයි. තිදෙනාට බොහෝ සෙයින් බය වෙයි.
" තොපි තුන්දෙනා මොකක්ද
මේ කරන්න යන විනාශය. තොපි තුන්දෙනා මේ මුලු ගමයි රැකිලා තියෙන්නේ මේ නිධානය මතයි.
ඒ නිසා මම උබලවයි මේ ගමයි විනාශ කරන්න කලින් මෙතනින් පලයන්.........."
තිදෙනාම බොහෝ සෙයින්
භය විය. දහඩිය දමයි. කථා කිරීමටද නොහැකි විය. නිමල් සුහිසුන් විය, ගුරුන්නාන්සේ වෙවුලයි.
කෙසේ හෝ තිදෙනාම බොහෝ බාධක මැද වැටි වැටී තුවාළ වී සුමනදාසගේ නිවසට පැමිණෙයි.
තිදෙනාම සුමනදාසගේ නිවසෙහි ඉදිරිපිට ඇද වැටයි.
උදෑසන අවදී වූ කමලා
නිවසේ දොර හරියි. මහා පුදුමයකි...... පෙර දින නිවසින් පිටවුන තම සැමියා හා සගයින්
දෙදෙනා ගේ ඉදිරිපිට ඇද වැටි ඇත. කමලා මහ
හයියෙන් විලාප දෙයි.
" මොකද දෙයියනේ මේ කර
ගත්තේ.... ඊයේ රෑ කොහෙද ගියේ මනුස්සයෝ? කථා කරනවකෝ......."
" අනේ කවුරුවත් නැද්ද ? මැණිකා ........
කෙල්ලේ දුවල ගිහින් පහළ ගෙදර ගුරුන්නාන්සේ ආතට එන්න කියන්න "
සුමනා විලාප තියමින්
හඩා වැටෙයි. අහල පහළ මිනිසුන්ගේ උදවු ඇතිව සුමනදාස , ගුරුන්නාන්සේ හා නිමල්ව ගෙයි ඉස්තෝප්පුවට
ගෙන එයි. මැණිකා විසින් පහළ ගෙදර ගුරුන්නාන්සේ ආතාව කැදවාගෙන එයි. ඔහු විසින්
තිදෙනාවම පරික්ෂා කර බලයි.
" කමලා මුන්
තුන්දෙනා ඊයේ රෑ කොහෙද හිටියේ? "
" දන්නේ නෑ
ගුරුන්නාන්සේ මාමේ. මට කිය්න්නෙත් නැතිවයි ඔය ගියේ"
මුන් තුන්දෙනා මොකකටහරී හොදටම බය වෙලා. මම ඇප නූලක්
දානවා. තුන් වරුවක් ගියාම සිහිය එයි. හැබැයි කමලා කෙල්ල මුන් තුන්දෙනා හොද ගමනක්
නම් නෙමෙයි ගිහින් තියෙන්නේ.....
ගුරුන්නාන්සේ විසින්
ඇප නූල දමා ගියේය. තුන් වරුවක් ගිය පසු තිදෙනාම පියවි සිහියට පැමිණෙයි. කිසිවක්
කතා නොකර නිමල් හා මාතර සිට පැමිණි ගුරුන්නාන්සේ සුමනදාසගේ නිවසින් පිටවී යයි
" සුමනේ ඇත්තටම මොකක්ද
වුනේ කියන්නකෝ...? කාටද බය වුනේ , ඇත්ත කිය්න්නකෝ ?"
නැවත වරක් සුමනදාස " නිධන් ගල"
අසලදී දුටු බහිරවයා දැක මහ හයියෙන් කෑ ගසා නිවස ඇතුලට වී දොර වසා ගනියි.
වයි. එන්. කුමුදුනි ගුණරත්න
HS/2015/0286

Good
ReplyDeletethnx
DeleteNice story..
ReplyDeleteEka maru
ReplyDeletethnx
DeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeletelassanai
ReplyDelete